ජනාධිපතිවරණයට අපේ සහාය ඕන නම් උතුරේ අර්බුදයට ලිඛිත විසඳුම් ඕන! දෙමළ සන්ධානය සජිත්ට දන්වා වැට උඩට නඟී!

September 15, 2019 at 12:13 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහාය අපේක්ෂා කරන ප්‍රධාන පක්ෂ උතුරේ අර්බුදය සම්බන්ධව ලබා දෙන විසඳුම ලිඛිතව තම පක්ෂයට ලබා දිය යුතු බව දෙමළ සන්ධානය පවසයි.

දැනටමත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණය සම්බන්ධව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ සමඟත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සමඟත් සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමඟත් සාකච්ඡාවක් සඳහාත් කටයුතු කරමින් සිටී.

මේ කවර පක්ෂයක් හෝ අපේක්ෂකයකු සමඟ එකඟතාවකට පත් වීමට පෙර ඔවුන් උතුරේ ප්‍රශ්නයට ලබාදෙන විසඳුම කුමක්ද යන්න ලිඛිතවම තම පක්ෂයට දැන්විය යුතු බව ඔවුන්ගේ පූර්ව කොන්දේසියක් බව දෙමළ සන්ධාන ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සති අන්ත පුවත්පතකට පවසා තිබිණි.

එය දැනටමත් එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට දන්වා ඇති අතර ඉදිරියේදී පොහොට්ටුවට දන්වන බව හෙතෙම වැඩිදුරටත් කීය. ඒ අතර ජ.වි.පෙ නායකයා සමඟ ද දෙමළ සන්ධානය සාකච්ඡා කිරීමට තීන්දු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස