ජනපති සිරිසේන මෝදි මග යමින් යෝග ව්‍යායාම කරයි! අනෙක් අයටත් යෝග කරන්නැයි ඉල්ලායි! (video)

June 22, 2019 at 1:16 pm | by emanisa.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝග ව්‍යායාම කරන වීඩියෝවක් සිය ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කර තිබේ. එමගින් යෝග ව්‍යායාම භාවනාවක් ලෙස හඳුන්වන ජනාධිපතිවරයා යෝග ව්‍යායාමවල යෙදීම වැදගත්කම පිළිබඳ සඳහන් කරයි.

රටේ සෙසු ජනතාවට ද නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතෙක් ගත කිරීම සඳහා තමා මෙන් යෝග ව්‍යායාමවල නිරත වන ලෙස ද ඉල්ලා සිටියි. සිය ට්විටර් සටහන මගින් යෝග ව්‍යායාම ප්‍රවර්ධනය පිණිස ඉන්දීය අගමැතිවරයා සිදු කරන කාර්යභාරය ද ඇගයීමට හෙතෙම අමතක කර නැත.

වීඩියෝව සහිත ට්විටර් සටහන 

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස