ජනපති මංගල විදෙස් සංචාරය අරඹයි! රතු පලස්; ප්‍රභූ පර්යන්ත; නෑදෑ පිරිවර නෑ! රාජ්‍ය නිලධාරීන් සමග අසල්වැසි ඉන්දියාවට!

November 28, 2019 at 11:23 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) සිය ප්‍රථම විදෙස් සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් විය. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇරයුමක් අනුවය.

මෙම නිල සංචාරය සඳහා ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් කිසිවකු සහභාගී නොවන අතර ජනාධිපතිවරයා ප්‍රභූ පර්යන්තයෙන් නොව සාමාාන්‍ය මගී පර්යන්තයෙන් ගුවන් තොටුපළට පිවිස සාමාන්‍ය ශ්‍රීලංකන් මගී ගුවන් යානයක ඉන්දියාව බලා පිටත් විය.

මෙවැනි අවස්ථාවල මෙයට පෙර සිදු වූ ආකාරයේ පිළිගැනීමේ උත්සව, තේ පැන් සංග්‍රහ, රතු පලස් මතින් ගමන් කිරීම වැනි කිසිවක් සිදු නොවීම විශේෂත්වයකි.

මෙම සංචාරය සඳහා සහභාගී වන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සූගීශ්වර බණ්ඩාරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස