ජනපති ගෝඨා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙයි! කමල් ගුණරත්න වහාම ආරක්ෂක ලේකම් ධුරයට!

November 18, 2019 at 2:53 pm | by emanisa.lk

මේජර් ජනරාල් කමල් ගුණරත්න නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීින්දු කර ඇතැයි වාර්තා වෙයි. මේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පත් කිරීමට සූදානම් වන තනතුරු අතරින් එකකි.

අද (18) නිල වශයෙන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව රුවන්මැලි සෑය අභියස සිට ජාතිය අමතමින් ජනාධිපතිවරයා නැවතත් අවධාරණය කළේ ජාතික ආරක්ෂාවට සිය රජය යටතේ ප්‍රමුඛතාව හිමි වන බවය.

මේජර් ජනරාල් කමල් ගුණරත්න අවසාන යුද සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන බල සේනාවට නායකත්වය ලබා දුන් අතර නන්දිකඩාල් කලපුවේ දී වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළේ එම සේනාංකය මගිනි.

වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණශූර, උත්තම සේවා ආදී පදක්කම් ගණනාවක් ඔහු දිනාගෙන තිබේ.

රණමග ඔස්සේ නන්දිකඩාල්, කඩොල් ඇත්තු ආදී කෘතිවල කර්තෘවරයා ද වන කමල් ගුණරත්න වියත්මග සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයකු ලෙස පසුගිය සමයේ කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස