ජනපති ගෝඨාගේ පළමු විදෙස් සංචාරය අසල්වැසි ඉන්දියාවට! පවුලේ නෑ පිරිස වෙනුවට 8 දෙනෙකුගෙන් සමන්විත රාජ්‍ය ධූත පිරිසක්!

November 24, 2019 at 11:23 pm | by emanisa.lk

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් සීමිත දූත මණ්ඩලයක් සහභාගි කර ගැනීමට අවධානය යොමුව තිබේ.

ජනපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනා ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 29 දා සිය ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර නොවැම්බර් 01 දා ඔහු යළිත් දිවයිනට පැමිණීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස