රටම ජනපති මග යයි! පළාත් පාලන ආයතනවල සභාපති පින්තූර ඉවතට! මාර්ගවල නාම පුවරුත් අලුත් කරයි!

November 21, 2019 at 9:33 am | by emanisa.lk

රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය නොකිරීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරන ලද දැනුම් දීම අනුව රට පුරා පිහිටි පලාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ ද පින්තූර ගලවා ඉවත්කර ගනිමින් සිටිති.

බොහෝ පළාත් පාලන ආයතන සභාපතිවරයාගේ පින්තූරය සහ ජනාධිපතිවරයාගේ පින්තූරය ඉවත්කර රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරමින් ඇත. මේ වන විට සියලුම රාජ්‍ය ආයතනවල ‍ප‍්‍රදර්ශනය කරමින් ඇත්තේ රාජ්‍ය ලාංඡනය පමණි.

මේ අතර රට පුරා මාර්ග අලුත්වැඩියා කර දේශපාලකයන්ගේ රූප සහ නම් යෙදූ පුවරු ද ඉවත් කරමින් ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස