ජනතාවට ආරක්ෂාවක් නෑ! නිදහසක් නෑ! අතේ සතේ නෑ! මේ පාර මම ජනාධිපති වෙනවා! – ඒ.එස්.පී. ලියනගේ

October 4, 2019 at 6:15 am | by emanisa.lk

පසුගිය දෙවාරයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී කොළඹින් තෙවැනියා වූ තමා මෙවර ලංකාවෙන් වැඩිම ඡන්ද ලබාගන්නා බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක හිටපු කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.එස්.පී. ලියනගේ පවසයි.

මේ වන විට රට වැසියන්ට කිසිම ආරක්ෂාවක් නොමැති බවත් කිසිම නිදහසක් නොමැති බවත් සඳහන් කළ ඒ.එස්.පී. ලියනගේ ජනතාව ආර්ථික අපහසුතාවලින් පීඩාවට පත්ව ඇති බවත් පෙන්වා දුන්නේය.

එහෙයින් අලුත් මුහුණක් සඳහා අවකාශය විවර වී ඇති බවත් මේ වන විට සියලු ප්‍රධාන පක්ෂ ජනතාවට එපා වී ඇති බවත් සඳහන් කළේය. තමා කිසිම පාර්ශවයක් වෙත මෙවර සහාය නොදක්වන බව පැවසූ හෙතෙම පාවෙන ඡන්දදායකයන්ගේ ඡන්දය තමා වෙත හිමි වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම සඳහා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස