ඡන්ද දෙස බලා කටයුතු කෙරුවොත් අපට රටක් ඉතුරු වන්නේ නැහැ! – මල්වතු මහනාහිමි

May 30, 2019 at 8:01 am | by admin

ඡන්ද දෙස බලාගෙන කටයුතු කිරීමෙන් අපට රටක් ඉතුරු නොවන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ ප‍්‍රකාශ කළහ.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා (28 දා) මහනුවරදී මහනායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන් වෙත ලිපි රැගෙනවිත් කරුණු කාරණා ඉදිරිපත් කළත් ඒවා පිළිබඳව කටයුතු කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ම බව ද මල්වතු මහනාහිමියෝ සඳහන් කර සිටියහ.

මෙසේ තමන් වහන්සේ වෙත කරුණු ඉදිරිපත් කරන සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම අදහස් ඒකාකාරී බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස