චෙන්නායි සිටි පැමිණි සැමට නිරෝධායනය අනිවාර්යයි! වහාම ප්‍රදේශයේ PHI හමුවන්න! – අනිල් ජාසිංහ

March 29, 2020 at 7:37 am | by emanisa.lk

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි පුද්ගලයන් සියලු දෙනාට දින 14 ක නිරෝධායන කාලයකට යටත් වීම අනිවාර්ය කර තිබේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඊයේ ප්‍රකාශ කළේ පසුගිය දින 14 තුළ චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයන්ට නිරෝධායනය අනිවාර්ය වන බවයි.

මෙම තීරණයට එළඹ ඇත්තේ චෙන්නායි නුවර සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආදානය වී ඇති බවට අද තහවුරු වීම හේතුවෙනි.

ඒ අනුව චෙන්නායි නුවර සිට පැමිණි පුද්ගලයන් සියලු දෙනා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමු වී නිරෝධායන කටයුතු සඳහා යොමුවන ලෙස ජාසිංහ අවධාණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස