ගෝඨා අද අනුරාධපුර රාජධානියට පැමිණෙයි! ආශිර්වාද පූජාව සවස 7ට රුවන්වැලි සෑ රදුන් අබියස!

August 12, 2019 at 8:22 am | by emanisa.lk

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවකට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් එක්වනු ඇත.

ඉන් අනතුරුව හෙට (13) උදෑසන පිරිස ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.

ඊයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව අවසන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නියෝජිතයෝ කැලණිය රජ මහා විහාරස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්හ.

පස්වරු 06. 00ට පමණ පිරිස කැලණිය විහාරස්ථානය වෙත පැමිණි අතර එම ස්ථානයට විශාල ජනතාවක්ද එක්රැස්ව සිටියහ. අනතුරුව මහා සංඝ රත්නය පැමිණි සිටි පිරිස ඇතුළු රටට ආශිර්වාද සිදුකරමින් සෙත් පිරිත් සජ්ජායනය සිදු කර ඇත.

මෙහිදී කැළණිය රාජ මහා විහාරාධිපති මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහ නාහිමියන් අනුශාසනාවක්ද සිදුකරනු ලැබුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස