ගෝඨාගේ කැබිනට්ටුවට රටම පිළිගත් විද්වතුන් පිරිසක්!

September 29, 2019 at 10:44 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසු පිහිටුවනු ලබන අමාත්‍ය මණ්ඩලයට වෘත්තීය ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් ඇති කීර්තිමත් බුද්ධිමතුන් කිහිපදෙනකු ඇතුළත් වන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා දේශයට කීය.

ශ්‍රී ලංකා පොදුජන සන්ධාන ආණ්ඩුවට නව මුහුණුවරක් ලබාදී දැනට 2.7%ටත් වඩා පහළට වැටී තිබෙන ආර්ථික වර්ධනය ඉහළ නංවා ජනතාවට සෙත සැලසීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දස වසරක රාජ්‍ය පාලන අත්දැකීම් ඇතිව නව සංවර්ධන සැලැසුමක් යටතේ රට ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය කරන මූලික ප්‍රතිපත්තිමය කෙටුම්පත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දැනටමත් සකස් කර ඇතැයිද විපක්ෂ නායකවරයා කීය.

ඉතිහාසයේ ප්‍රථම වරට මේ වන විට වියත්මග එළිය ආදි බුද්ධිමතුන් වෘත්තිකයන් දහස් ගණනක් නියෝජනය කරන සංවිධාන ගණනාවක් රටේ නායකත්වය තීරණය කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරන අතර ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ පාලනයක් තුළ රටේ ගමන්මග තීරණය කරන සැලසුම් ප්‍රතිපත්ති මාලාව සම්පාදනය සඳහා මේ වන විටත් සක්‍රීය ලෙස මැදිහත් වෙමින් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස