ගිහින් ඇමතිකම් භාරගන්න! ජනපති බදියුදීන්ට කියයි….

June 20, 2019 at 6:12 pm | by emanisa.lk

එජාප සභාපති කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් නැවත සිය ඇමති ධුරවල දිවුරුම් දීම වළක්වාලීම සඳහා කටයුතු කරන්න යැයි රිෂාඩ් බදියුදීන් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ පෙරේදා(18) මුස්ලිම් හිටපු ඇමතිවරුන් අතර පැවති සාකච්ඡාව තීන්දුවකින් තොරව අවසන් වීම සහ නැවත ඇමති ධුර භාර ගැනීම හෝ නොගැනීම පක්ෂ නායක තීන්දුව අනුව සිදුකරන්නේ එකඟ වී විසිර ගිය පසුය.

අගමැති හමු වූ රිෂාඩ් බදියුදීන් අනතුරුව ජනාධිපතිවරයා හමුවී ඇති අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ගිහින් සියලු දෙනා ඇමතිකම් භාර ගන්නා ලෙසය.

ඒ අනුව ඊයේ (19) කබීර් සහ හලීම් සිය ඇමති ධුරවල දිවුරුම් දුන් අතර එලෙස දිවුරුම් දීම සඳහා ඔවුන් පක්ෂ නායකයාගේ අනුමැතිය ලබා ගැනීමට තබා පක්ෂ නායකයා දැනුම්වත් කිරීමට හෝ කටයුතු කර නොතිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස