කොළඹ වරාය නැ. පර්යන්තය ඉන්දියාවට දෙන කතා පට්ටපල් බොරු! – වරාය සභාපති

November 5, 2020 at 8:28 am | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි (අදානි සමූහ ව්‍යාපාරය – Adani Group) විසින් සංවර්ධනය කිරීමට නියමිත බව අන්තර් ජාතික ප්‍රවෘත්ති එජන්සියක් වන බ්ලූම්බර්ග් (Bloom burg) අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ බහුතර කොටස් හිමිකාරීත්වයක් දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමක් අත්සන් කිරීමට අදානි සමාගමට සහ දේශීය හවුල්කරුවකුට අනුමැතිය ලැබී ඇත.

ඉන්දියාව සමග මෙම ව්‍යාපෘතිය පිළිබඳව පැවැති සාකච්ඡා ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේදී ඇනහිටි අතර ඊට වරාය වෘත්තීය සමිතිවල බරපතළ විරෝධතාද බලපෑ බව ‘බ්ලූම්බර්ග්’ වාර්තාව සඳහන් කරයි.

එසේම ඉන්දියාවේ විශාලතම වරාය හා සැපයුම් සමාගම වන ‘අදානි’ පසුගිය වසරේදී නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා මූලික ගිවිසුමක්ද අත්සන් කර ඇතැයි අදාළ වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.

දේශීය මාධ්‍ය විසින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සමග එක්ව සංවර්ධනය කෙරෙන බවට විවිධ අනාවැකි පළකර තිබුණ ද විදේශ මාධ්‍ය ආයතනයක් විසින් එම පුවත තහවුරු කර වාර්තා කර ඇති ප්‍රථම අවස්ථාව මෙයයි.

වරාය නැගෙනහිර පර්යන්තයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ මෙහෙයුම් කළමනාකරණය කිරීමේ කටයුතු ඉන්දියාවේ ‘අදානි’ සමූහයට පැවැරීමට තීරණය කර නොමැති බව අප කළ විමසුමකදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පැවැසී ය.

මීට අදාළව පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස