කොරෝනා හැදුණු දුව හෙළ ඔසුව බිව්වේ නෑ! ඔසුව බිවු අපි සියලු දෙනා සුවෙන්…!- පියා කියයි….

December 29, 2020 at 8:48 pm | by emanisa.lk

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිෂ්පාදිත කොරෝනා නිවාරණ ඖෂධය පසුගියදා කොරෝනා ආසාදිත සිය දියණය පානය කළ බව අසත්‍යයක් යැයි ඇගේ පියා පවසයි.

සිය දියණිය එක් දිනක් පමණක් එම ඖෂධය පානය කළ ද ඊට පසු එය භාවිත නොකළ බව ඔහු පවසයි. බණ්ඩාර වෙද මහතා පවසා තිබුණේ අදාළ ඔසුව දින තුනක් පානය කළ යුතු බව ය.

කෙසේ වුව ද මෙම සිද්ධියට පසු තමන් ඇතුළු පවුලේ සියලු දෙනා අදාළ ඖෂධය දිගට ම පානය කළ බව ද ඔහු සඳහන් කරයි.

එසේ ම තමන්ට මෙතෙක් අදාළ රෝග ලක්ෂණ කිසිවක් මතු නොවූ බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස