දෙවරක් සාර්ථක කොරෝනා පැණිය කිසිවෙකුට ප්‍රශ්න කරන්න බෑ! බෙහෙත් හදන්න වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා නීතියකුත් නෑ! – හිටපු ආයුර්වේද කොමසාරිස්..

December 4, 2020 at 11:24 pm | by emanisa.lk

ධම්මික බණ්ඩාර විසින් කොරෝනා සඳහා නිපදවා ඇති ඖෂධයෙහි හොඳ ප්‍රතිඵල ඇතැයි ධම්මික බණ්ඩාර නොව ඒ පිළිබඳ පර්යේෂණ කළ බටහිර වෛද්‍යවරුන් තහවුරු කර ඇති බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි පවසයි.

අදාළ බටහිර වෛද්‍ය කණ්ඩායම කළ පළමු සහ දෙවන පර්යේෂණ සාර්ථක වූයේ නම් එය ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

ආයුර්වේදයේ බෙහෙත් වට්ටෝරු හැත්තෑ දහසක් පමණ ඇති බවත් බෙහෙත් නිපදවන සමාගම් 300ක් පමණ ඇති බවත් පවසන වෛද්‍ය නිමල් කරුණාසිරි පෙන්වා දෙන්නේ ඒ සියලු බෙහෙත් නිපදවන්නේ වෛද්‍යවරුන් ම නොවන බවය.

ඕනෑ ම අයෙකුට පෙර කී වට්ටෝරු මගින් බෙහෙත් නිපදවිය හැකි බවත් එය සාර්ථක වූයේ නම් අප ඊට අවඥා නොකළ යුතු බවත් එම නිෂ්පාදන ආරක්ෂා කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස