කොරෝනා රෝගීහු සැඟවෙති! රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරති! සෞඛ්‍ය ඇමතිනියගෙන් නිවේදනයක්…..

October 7, 2020 at 7:31 am | by emanisa.lk

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන් රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් හදුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලබයි. එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇත. නමුත් සමහර පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වේ.

ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සලකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පව්ත්‍රා වන්නිආරච්චි රෝගී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ප්‍රතිකාර සේවා සදහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් දන්වා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *