කොරෝනා මරණ කියලා බෑ! මුස්ලිම් නම් වෙනම සලකන්න ඕන! ආදහනය කරන්න දෙන්න බෑ! – රවුෆ් හකීම්

March 31, 2020 at 5:04 pm | by emanisa.lk

ඊයේ (30) මිගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය දෙවන පුද්ගලයා ආදාහනය කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක විරෝදය එල්ලවී තිබේ. මෙම විරෝධය මතුකර ඇත්තේ උළමා සභාව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු කණ්ඩායම් කිහිපයකි. ඒ ඊයේ මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වූ බැවිනි.

මෙයට හේතු වී ඇත්තේ අදාළ මුස්ලිම් පුද්ගලයා ඔවුන්ගේ ආගමානුකූලව භූමදාන නොකර ආදාහනය කිරීමය.

මෙරට තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ අසීමිත කැපකිරීමක් සිදුකරන මොහොතක මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම අගමානුකුල නොවන බව පවසමින් මුස්ලිම් දේශපාලඥයින් කිහිප දෙනෙකු සහ ආගමික නායකයන් යැයි හඳුන්වන පිරිසක් විසින් ප්‍රකාශ නිකුත් කරමින් විරෝධය පළකිරීම සමාජ මාධ්‍යයවල දැඩි විරෝධයට හේතු වී තිබේ.

ඒ පිළිබඳ රවූෆ් හකීම් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස