කොරෝනා නිසා ඊයේ ඉන්දියාවේ ගිය කෙනෙක්! ගුවන්තොටේදී ඉතාලි කලහකාරීන්ගෙන් කොරෝනා වැළඳිලා!

April 3, 2020 at 1:43 pm | by emanisa.lk

අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (2) මිය ගිය 58 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

පසුගිය 16 වන දා ඔහු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් වී ඇති අතර, සිය බිරිඳ සමඟ පසුගිය දිනෙක ඉන්දියාවේ සංචාරයක ද නිරත වී ඇති බව වාර්තා වෙයි.

මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.

මේ දෙදෙනා නැවත ලංකාවට පැමිණිමේ දී ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට එරෙහි වූ කණ්ඩායමට මැදි වූ බව ද වාර්තා වෙයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ ඔවුන්ට මෙම ඉතාලි පිරිසගෙන් හෝ ඉන්දියාවේදී හෝ රෝගය බෝවන්නට ඇති බවය.

මේ වන විට ලංකාවෙන් කොරෝනා රෝගීන් 151 දෙනෙකු වාර්තා වන අතර සුවපත් වූ සංඛ්‍යාව 21කි. 127 දෙනෙකු දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සිව් දෙනෙකු මිය ගොසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස