විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති අස්ගිරි නාහිමිට එරෙහිව පොලිස්පතිට පැමිණිලි කරයි!

June 23, 2019 at 11:47 am | by emanisa.lk

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු අස්ගිරි පාර්ශවයේ මහ නායක පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන්ට විරුද්ධව වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිලිල්ලක් යොමු කර තිබේ.

පසුගිය ඉරිදා ඥානරතන හිමියන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් සිංහල ජාතියට එල්ල වී ඇති තර්ජන සහ රටට ආදරේ නැති වත්මන් එජාප නායකයන් රට විනාශ කළ බව ඇතුළු ප්‍රකාශයක් කිරීම ජාතිවාදී බවත් එම වෛරී ප්‍රකාශයට එරෙහිව දඬුවම් කළ යුතු බවත් පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

සිවුරක් හැඳ සිටි පමණින් කිසිවකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සිදු නොවිය යුත්තක් බව හෙතෙම ද මෝනිං පුවත්පතට පවසා තිබිණි.

ඇමති මංගල සමරවීර ද අස්ගිරි නාහිමියන්ගේ ප්‍රකාශයට එරෙහිව නිවේදනයක් නිකුත් කරමින් සියලු බෞද්ධයන් ඊට එරෙහි විය යුතු බව පවසා තිබිණි. කෙසේ වුවද තමන්ගේ ප්‍රකාශය විකෘති කළ බව පවසමින් නාහිමියන් පසුව නිවේදනයක් නිකුත් කර තිබිණි.

කෙසේ වුවද පසුගිය පාස්කු ප්‍රහාරය එල්ල කළ මුස්ලිම් ත්‍රස්තවාදීන්ට එරෙහිව හෝ ඊට ආධාර අනුබල දුන් බවට චෝදනා නැඟෙන දේශපාලකයන්ට හෝ සිංහලයන්ට එරෙහිව දැඩි වර්ගවාදී ප්‍රකාශ නිකුත් කළ වර්ගවාදීන්ට හෝ සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා ලබන දොස්තර ෂාෆිට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මංගල සමරවීර හෝ පාක්‍යසෝති වැනි රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් තවමත් පැමිණිල්ලක් හෝ නිවේදනයක් නිකුත් කර නොමැත.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට එරෙහිව කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටි පාක්‍යසෝති වර්තමාන ආණ්ඩුව යටතේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අවස්ථාවක් ඡායාරූපයේ දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස