කෘෂිකාර්මික නොවන රසායන ද්‍රව්‍ය ආනයනයට අවසර දෙයි….!

May 9, 2021 at 7:54 pm | by emanisa.lk

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය පූර්ව අනුමැතියකින් පසුව ගෙන්වීමට අවසර ලබා දෙන බව ආනයන අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න පවසයි.

අදාළ කර්මාන්තවල අවශ්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

“මේ වන විටත් ඇතැම් පොහොර, කෘමිනාශක වර්ග ආනයනයට යටත් කරලා තිබුණේ ආනයන පාලන පනත යටතේ. එයින් ආවරණය නොවුණ කාණ්ඩ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හා අනෙක් අදාළ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කරලා ඒවා හඳුනාගෙන සම්පූර්ණයෙන් ම තහනම් කරා.

ඒ හැර අනෙකුත් සියලු ම හඳුනාගත් රසායනික ද්‍රව්‍ය ආනයන පාලනයට යටත් කරලා තියෙනවා. කෘෂිකර්මාන්තයට මේ පොහොර හෝ රසායනික ද්‍රව්‍ය කෘමිනාශක යොදා ගන්න බෑ. නමුත් වෙනත් කර්මාන්තයක් සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍යයක් වේ නම් ඒ බව තහවුරු කර ගෙන අවශ්‍ය ප්‍රමාණයට අනුව ආනයන බලපත්‍ර ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනු ලබනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *