සිංහල ගොවිතැන වනසන්න සුද්දන් කපා හෙළු මීගසට හොඳ කලක්! කටුගස්තොට මග දෙපස මී පැල දාහක් සිටුවයි!

December 23, 2019 at 1:48 pm | by emanisa.lk

කටුගස්තොට නගරයේ සිට කුරුණෑගල දක්වා ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 38 ක් පුරා මී පැළ දහසක් සිටවීමේ ජාතික ක්‍රියාන්විතයක් කටුස්තොට ඝටීකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොටගනිමින් ඊයේ (22) දී සිදු කෙරිණි.

කටුගස්තොට ඝටීකාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඔකඳගල නාරද ස්වාමීන් හිමියන්ගේ අනුශාසකත්වයෙන් ජා‍ති‍ක ‍ඒ‍කා‍බද්‍‍ධ ‍බ‍ල‍වේ‍ග‍ය, ‍සත්‍‍බො‍දු ‍මි‍තු‍රෝ ‍සං‍‍වි‍ධාන‍ය සහ ‍ය‍ටි‍වා‍ව‍ල ‍සිං‍‍හ‍ල ‍ත‍රු‍ණ ‍එ‍ක‍මු‍තු‍ව ‍ඇතුලු පිරිසක් මෙම කටයුත්ත සඳහා එක්ව සිටියහ.

පෙර රජ දවස මී ගස් කැපීම මරණ දඬුවම පවා නියම වූ වරදක් බව ඉතිහාසයේ සඳහන් වන අතර පසුකාලීනව සුදු පාලකයන් විසින් එම තහනම ඉවත් කල අතර ඔවුන් මී ගස් කපා පාලම් තැන්වීමේදී පවා එහි ලී යොදා ගෙන තිබිණි.

දේශීය වෛද්‍ය විද්‍යාවේදී ඉහළ වටිනාකමක් හිමිවන මී ගස පසට හොඳ පොහොර නිෂ්පාදනය කරන ගසකි. එසේම ස්වාභාවික කෘමි නාශකයකි. මෙරට සිංහල ගොවිතැන විනාශ කර රසායනික පොහොර හඳුන්වා දීම සඳහා සුදු පාලකයන් මී ගස විනාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස