රසායනික පොහොර සහ වස භාවිත තහනමට අපි විරුද්ධයි…! ලබන අවුරුද්දේ කන්න හාල් ඇටයක් නැති වෙයි..! – තිස්ස….

May 8, 2021 at 11:12 pm | by emanisa.lk

රසායනික පොහොර භාවිතය ක්ෂණිකව තහනම් කිරීමට රජය ගත් තීරණයට එකඟ විය නොහැකි බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

පොහොර ආනයන තහනම ක්‍රියාත්මක වුවහොත් ලංකාවේ අපනයන ආර්ථිකය කඩා වැටී විශාල ව්‍යසනයක් සිදුවනු ඇති බවට තිස්ස අත්තනායක අනතුරු අඟවයි. තේ රබර් ඇතුළු අපනයන බෝග වගාවන්ට රසායනික පොහොර ආනයන තහනම හේතුවෙන් බලපෑම් එල්ලවීම ඊට හේතුව බව ද ඔහු පෙන්වා දෙයි.

රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතයෙන් මිදීම සැලසුම් සහගතව වසර හත අටක් තුළ කළ යුත්තක් බව ද එය ක්ෂණික තීරණයක් නොවිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

මෙරට කෘෂිකාර්මික භූමිය සහ පරිසරය හුරු වී ඇත්තේ රසායනික පොහොර භාවිතට නිසාවෙන් මෙම වසරේ පොහොර ආනයනය නතර කිරීම හේතුවෙන් ලබන වසරේ අස්වැන්නට විශාල බලපෑමක් එල්ල වී බරපතළ ලෙස ජාතික නිෂ්පාදන කඩාවැටිය හැකි බව ද තිස්ස අත්තනායක වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *