යහපාලන ආණ්ඩුව පොහොර කියල ගොවීන්ට දුන්නේ වස…! – ඇමැති මහින්දානන්ද….

April 13, 2021 at 5:46 pm | by emanisa.lk

2015 සිට වසර පහක් ගොවියන්ට ලබා දී ඇත්තේ පොහොර නොව වස බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසයි.

තමන් එම ප්‍රකාශය ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව රූපවාහිනී දේශපාලන සාකච්ජාවක දී ඇමැතිවරයා පැවසුවේ ය.

සිදුකර ඇත්තේ ප්‍රමිතියෙන් සමන්විත පොහොර සඳහා ටෙන්ඩර් කැඳවා වැරදි පොහොර ගෙන්වීම බවත් රසායනාගාර පරීක්ෂණ වාර්තා වෙනස් කර එම කණ්ඩායම වෙත මුදල් ලබා දී පොහොර නිදහස් කරගැනීමට කටයුතු කර තිබෙන බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

විගණකාධිපති වාර්තාව පැමිණීමෙන් පසු පොහොර සංස්ථාවේ සභාපති අත්අඩංගුවට ගත් අතර පොහොර ලේකම් කාර්යාලයේ 07 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වර්තමාන ආණ්ඩුව ප්‍රමිතියෙන් යුතු පොහොර දීමට තීන්දු කර තිබෙන බව පැවසූ ඇමැතිවරයා කියාසිටියේ පස පරීක්ෂා නොකර ගොවියන්ට පොහොර නිකුත් නොකරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *