කිරිබත්ගොඩ ජනතාව කොළ පාට වෙසක් සැරසිලිත් වර්ජනය කරති!

May 26, 2019 at 11:03 am | by admin

පාසකු ප්‍රහාරයත් සමග ඇති වූ අනාරක්ෂිත තත්ත්වය නිසා පසුගිය අවුරුදුවල රට පුරා ඉදි වූ වෙසක් කළාප, තොරණ සහ දන්සැල් මෙවර දක්නට ලැබුණේ නැත.

කෙසේ වුවද ජනතාව වෙනත් වසරවලටත් වඩා හොඳන් සිය නිවස සහ අවට වෙසක් උළෙල වෙනුවෙන් සැරසීමට අමතක නොකළේය. ඒ සමග කතෝලික, හින්දු, මුස්ලිම් ජනතාව ද එකතු වීම විශේෂත්වයකි.

ඒ නිසා වෙසක් සැරසිලි, බල්බ් වැල් මිල දී ගැනීමට ජනතාවට පෙර වෙසක් කාලවලටත් වඩා උත්සුක වූහ. කිරිබත්ගොඩ සහ අවට ජනතාව බොහෝ සෙයින් වෙසක් සැරසිලි තොග සහ සිල්ලර වශයෙන් මිලට ගැනීමට පැමිණියේ එක් ව්‍යාපාරයක් වෙතය.

එහිදී වෙසක් සැරසිලි මිලයට ගත් ජනතාව කොළ පාට වෙසක් සැරසිලි බල්බ් වැල් මිලයට ගැනීම දිගින් දිගටම වර්ජනය කළ අතර සෙසු වර්ණ වෙසක් සැරසිලි පමණක් මිලයට ගැනීමට වගබලා ගත්හ.

කොළ පාට නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය රටේ ජාතික ආරක්ෂාව විනාශ කරමින් බෞද්ධයාට වෙසක් උළෙල සැමරීමට නොහැකි තැනට රට ඇද දැමීමට විරෝධය පා ජනතාව මෙවැනි තීන්දුවක් ගත් බව පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස