ජර්මන් පිරිසක් දඹුල්ලේ දන්සැල් දෙති! සැමට සුබ වෙසක් පතති!

May 21, 2019 at 10:07 am | by admin

ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් පැවැත්වීමට කටයුතු කර තිබේ. ඒ පසුගිය 19 දින සහ 20 දිනවලය.

දඹුල්ල විහාර හන්දිය තරුණ පිරිස සහ විදේශිකයන් එක්ව මෙය සංවිධානය කළ අතර සියලු වියදම් ජර්මන් ජාතික සංචාරක පිරිස දරා තිබිණි.

ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය වැඳපුදා ගෙන නැවත ගම්බිම් බලා යන බැතිමතුන්ට සිසිල් බීම ලබා දෙන අතර එම ජර්මන් පිරිස සුබ වෙසක් උත්සවයක් යනුවෙන් සැමටම සුභ ප්‍රාර්ථනා කිරීමට ද අමතක කළේ නැත.

මේ වන විට රටේ සාමකාමී තත්ත්වය නැවත ස්ථාපිත වෙමින් පවතින බව ද සංචාරකයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ඔවුහු ආරාධනා කළහ.

වෙනත් වෙසක් පොහෝ සමයන්හි රට පුරා ලියාපදිංචි දන්සැල් 6 000ක් පමණ පැවතිය ද මෙවර එම ප්‍රමාණය 100කට වඩා අඩු වී තිබිණි. ඒ ආකාරයට සිංහල සංස්කෘතික අංගයක් යටපත් වන පසුබිමක විදෙස් ජාතික පිරිසක් මෙවැනි ක්‍රියාවකට මැදිහත් වී ඒ සඳහා ප්‍රබෝධයක් ලබා විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *