කැනඩා ලොක්කෙක් කාත්තන්කුඩි යයි! NGO සමග රහසේ සාකච්ඡා කරයි!

July 6, 2019 at 9:21 pm | by emanisa.lk

පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කාත්තන්කුඩි ඇතුළු නැගෙනහිර පළාතේ ඉස්‌ලාමීය අන්තවාදීන් අත්අඩංගුවට ගැනීම සහ දේශපාලන තත්ත්වය විමර්ශනය කිරීමට පැමිණි නවදිල්ලි නුවර කැනඩා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ලේකම් පීටර් බී. මහතා කාත්තන්කුඩිහි රාජ්‍ය නොවන සංවිධානයක්‌ සමඟ රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

මෙම සාකච්ඡාවට කොළඹ කැනඩා මහ කොමසාරිස්‌ කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරිනී ජොයිස්‌ මේරි ද සම්බන්ධ වී තිබේ. මොවුන් කාත්තන්කුඩි නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ ද කැඳවා නැගෙනහිර තත්ත්වය ගැන තොරතුරු විමසා එම සාකච්ඡා පටිගත කර තිබේ.

මෙහිදී ආරක්‌ෂක අංශ සිවිල් හිමිකම් කඩකරන්නේද යන්න සහ ජනතාව මුහුණ පාන ප්‍රශ්න ගැන තොරතුරු විමසා ඇත.

කැනඩා මහකොමසාරිස්‌ කාර්යාලවල නියෝජිතයන්ට පෙර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඕව්රිස්‌ ප්‍රමුඛ නිලධාරීන් පිරිසක්‌ මඩකලපුවට ගොස්‌ නැගෙනහිර තත්ත්වය ගැන මඩකලපු මහ නගර සභා මන්ත්‍රීවරුන්ගෙන් තොරතුරු විමසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස