කොහෙවත් නීති සාදා මෙතැනට ගෙනැවිත් අත් උස්සන ලෙස කියා කියන්නට ලෑස්ති වෙන්න එපා ජනතාව තමා පත් කර ඇත්තේ සිග්නල් කණුවක්වීමට නොවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ඔහු මෙසේ පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) වාර්තා පිළිබඳ සභාව තැබීමේ විවාදයට අද (22) පාර්ලිමේන්තුවේ දී එකතු වෙමිනි.
“පනත් වෙන තැනක හදලා මෙතන ගෙනැවිත් අපේ අත් උස්සන්න බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කරලා හරි යන්නේ නෑ. මම නීති උපාධිය කළේ 1982 දී. ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ1985 දී. පළමුවැනි අවුරුදු දහයේදී ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කතා කළා. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් මම කතා කළා.
සමහරු ඒවා දන්නෙ නැහැ. සමහරු හිතන් ඉන්නේ අපි මොන්ටිසෝරි ගිහින් ඇවිල්ල කියල කොහෙවත් හදනවා නීති. උපදේශක කාරක සභාවට ගේනවා. ඉතින් මෙතැනදි අපි අත උස්සන්න ඕන. ජනතාව අපිව පත් කරලා තියෙන්නේ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වාර්තාවත් එක්ක මම කියනවා. ඒ කාර්යභාරය තමයි අපි ඉටු කරල තියෙන්නෙ.
මේවා කියන්න අපි බය වෙන්නේ නැහැ. අපි ඡන්දෙන් පත්වෙලා ඉන්නේ. පාර්ලිමේන්තුවේ කෝ මූල්‍ය පාලනය. අද සමහරු දන්නේ නැහැ ව්‍යවස්ථා හදන්නේ කොහොමද කියලා. පසුගිය පාලන කාලයේ දී අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. එතනදි ක්‍රියාදාමයකට ගියා. මොකක්ද ක්‍රියාදාමය.පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් සම්මත කළා. පස්සේ තේරීම් කාරක සභාවක් පත් කළා. අනු කමිටු හයක් හැදුවා.
ඒ අනු කමිටුවක අයට තමයි විද්වතුන් තාක්ෂණ සහාය දුන්නේ. නැත්නම් මේක ව්‍යවස්ථාදායකය ද. අපි මොකද මෙතන ඉන්නේ. මම සන්ධානයේ ලේකම් වෙලා හිටියා. කවදාවත් ජාතික ලැයිස්තුවෙන් ගියේ නෑ. නාමයෝජනා 12ක් හැදුවා. මහින්ද රාජපක්ෂගේ නාමයෝජනා තුනක් අස්සන් කරල තියෙනවා. සමහරුන්ට ඒවා මතකත් නෑ.