කටුනායක ගුවන්තොටේ වහල හදන්න වසර 05ක් ප්‍රමාද කරලා! යහපාලන ආණ්ඩුව රටට කළ පාඩුව කෝටි 3100යි!

December 7, 2020 at 9:24 am | by emanisa.lk

කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ වහලය සෑදීම වසර පහක් ප්‍රමාද කිරීම නිසා රුපියල් කෝටි තුන්දහස් එකසිය පනස් හතරක පාඩුවක් සිදුව ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පෙරේදා (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

නෙළුම් මලක හැඩයට සැලසුම් කර තිබූ මෙම පර්යන්තයේ වහලය කෙසෙල් කොළයක හැඩයකින් සෑදීමට පමණක් රුපියල් කෝටි 66ක් වියදම් කර ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය.

මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ එවක සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ බව නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කියා සිටියේය.

දෙවැනි අදියර ක්‍රියාත්මක කළ නොහැකි වූයේ ලංකාවේ ඉංජිනේරු ඇස්තමේන්තු මුදලට වඩා ජයිකා ආයතනය ඉදිරිපත් කළ ඇස්තමේන්තුව වැඩි වූ නිසා යැයි අශෝක් අබේසිංහ මෙහි දී පැවැසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *