කටකතාවල කිසිදු සත්‍යයතාවක් නෑ! මියගිය වැලිසර නාවික හමුදා නිලධාරියාට කොරෝනා නෑ!

April 26, 2020 at 1:23 pm | by emanisa.lk

වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිස්සියේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව අනාවරණය වී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේ මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.

මෙම නිලධාරියා ඉකුත් 18 වෙනිදා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලට ඇතුළත් කර තිබේ. එම නාවික හමුදා නිලධාරියා කලක් වකුගඩු රෝගයෙන් පෙළී ඇති අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඔහුට මී උණ රෝගය වැළඳී ඇති බවයි.

මෙම නාවික හමුදා නිලධාරියා ප්‍රතිකාර ලැබූ රෝහලේ වාට්ටුවේ සිට පසුව කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවූ නිලධාරියෙක් සිටීම හේතුවෙන් මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නිතියන්ට යටත්ව සිදුකරන ලෙස රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

1984 වර්ෂයේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ දී උපත ලැබූ මෙම නාවික හමුදා නිලධාරියා ලුතිනන් කමාන්ඩර් නිලයේ කටයුතු කළ ඉතා දක්ෂ නිලධාරියෙක් බව නාවික හමුදාව පැවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස