එජාපයට පනින්න බලා සිටින දයාසිරි සහභාගී වන පොහොට්ටු ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථක වන්නේ නෑ! – ෂෙහාන් සේමසිංහ

June 21, 2019 at 9:07 am | by emanisa.lk

පාර්ලිමේන්තූ මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සාකච්ඡාවල සිටින තාක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කෙරෙන සාකච්ඡාවල සාර්ථක ප‍්‍රතිඵලයක් බලාපොරොත්තූ විය නොහැකි බව පාර්ලිමේන්තූ මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

ඔහු කරන ප‍්‍රකාශ දෙස බලනවිට පෙනීයන්නේ යළි එ.ජා.ප.යට එක්වීමේ අවශ්‍යතාවක් ඇති බව යැයිද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා කරන ප‍්‍රකාශත් සමග දෙපාර්ශ්වය අතර කෙරෙන සාකච්ඡාවලට කෙසේ බලපානු ඇතිදැයි ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකූ නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

එමෙන්ම ශ‍්‍රීල.නි.ප.ය නියෝජනය අනෙකුත් රටේ ජනමතය හඳුනන මන්ත‍්‍රීවරුන් දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා දරන මතයට එකඟ නොවන බවද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස