උතුරේ හමුදා වීරයා රත්නප්‍රිය පොහොට්ටුවෙන් ඡන්දෙට! හැමදාම උතුර රැවටූ දෙමළ සන්ධානය සලිත වෙයි!

March 4, 2020 at 7:00 pm | by emanisa.lk

උතුරේ දෙමළ ජනතාව අතර මහත් ජනප්‍රියත්වයට පත් කර්නල් රත්නප්‍රිය බන්දු මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව පවසයි.

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මේ බව සඳහන් කර තිබේ.

වන්නි දිස්ත්‍රික්කයෙක් ඔහු මෙලෙස මැතිවරණයට ඉදිරිපත්වන බවයි සඳහන්ය.

උතුරෙු දෙමළ ජනතාවට විශාල සේවාවක් කළ එම ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් ඇති පුද්ගලයෙකු ලෙස කර්නල් රත්නප්‍රිය බන්දු සැලකෙයි.

කෙසේ වෙතත් මෙම පුවත සැලවීමත් සමග දෙමළ ජාතික සන්ධානය දැඩි කැළඹීමට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඔහු ඒ පිළිබඳ තබා ඇති ෆේස්බුක් සටහනක් මෙසේය.

“වසර තිහක් රණ විරුවෙකු ලෙස මව්බිම වෙනුවෙන් ලේ දහඩිය හෙලූ මා අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ දැය ගොඩනගන සංග්‍රාමයට සවියක් වන්නට මෙවර වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරි පත් වන්නෙමි. සියළු ශ්‍රී ලාංකිකයින් ගේ ආශිර්වාදය සහ සහයෝගය ප්‍රාර්ථනා කරමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස