උතුරු නැඟෙනහිර පන්සල්වලට හමුදාව දුන් දානය නතර කළේ හිටපු හමුදාපති මහේෂ්! – ඇල්ලේ ගුණවංශ හිමි

October 17, 2019 at 5:26 pm | by emanisa.lk

උතුරු නැඟෙනහිර විහාරස්ථානවලට වසර 15ක් පමණ කාලයක් ඒ ඒ ප්‍රදේශවල හමුදා කඳවුරුවලින් ලබා දුන් දානය නතර කළේ හිටපු හමුදාපති මහේෂ් සේනානායකගේ නියෝගයෙන් බව කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

බෞද්ධ ජනතාව අඩු ප්‍රදේශවල බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන සහ විහාරස්ථානලට තමන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව දානය ලබා දුන් බවත් දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින මහේෂ් සේනානායක එදා එම දානවෙල නතර කිරීමට අණ දුන් බවත් ගුණවංශ හිමි හෙළි කළේය.

එපමණක් නොව ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයේ තමා දුක් විඳ ආරම්භ කළ පාසලට මෙන්ම බත්තරමුල්ල ප්‍රදේශයේ ආබාධිත රණවිරුවන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට ආරම්භ කළ ආයතනයට ද වර්තමාන පහත් ආණ්ඩුව කරදර කළ බව එහිමියන් පෙන්වා දුන්නේය.

මෙය රට දැය ආරක්ෂා කර ගැනීමට ඡන්දය පාවිච්චි කිරීමට ඇති අවසන් අවස්ථාව මෙය බවත් උන් වහන්සේ අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස