ඉන්දියාවෙන් හම්බන්තොටටත් කොන්සල් ජනරාල් කාර්යාලයක්!

October 12, 2020 at 9:29 am | by emanisa.lk

ඉන්දියානු ජනරජය වෙනුවෙන් හම්බන්තොටට කොන්සල් ජනරල්වරයකු පත් කර ඇත. මෙම කොන්සල් ජනරල්වරයා හම්බන්තොට, මාතර, ගාල්ල සහ මොනරාගල ප්‍රදේශවලට ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කිරීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන ආකාරයට විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන විසින් පසුගිය අගෝස්තු මස 28 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි හම්බන්තොට කොන්සල් ජනරාල්වරයා ලෙස දිපින් පී.ආර්. පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොළඹ මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ගොපල් භග්ලේය. දැනට යාපනේ ද ඉන්දීය කොන්සල් කාර්යාලයක් ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස