ඇමරිකාව සමග මංගල ගෙන ආ ජිනීවා යෝජනාව රටට අහිතකර බව ආණ්ඩුව පිළිගනී! සංශෝධනයටත් සූදානම්!

March 9, 2019 at 2:06 pm | by admin

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකමි කවුන්සිලයට මින් පෙර ඉදිරිපත් කළ යෝජනා මෙරටට හිතකර ආකාරයට සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ආණ්‌ඩුව කැමැත්ත පළකර ඇතැයි සභානායක ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව සහ කැබිනට්‌ මණ්‌ඩලය දැනුවත් නොකර මානව හිමිකම් කවුන්සිලයට අලුතින් යෝජනා ඉදිරිපත් කිරීමේ සූදානමක්‌ ඇත්දැයි දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව කීවේය.

දයාසිරි ජයසේකර මහතා – රජය විදිහට එදා මංගල සමරවීර ඇමතිතුමා සහයෝගය දෙන විදිහට එකඟවුණු ගිවිසුමට අමතරව තවත් ගිවිසුමක්‌ ආණ්‌ඩුව යම් සහයෝගයක්‌ සහිතව අද ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද? එහි අඩංගු කාරණා පිළිබ`දව කැබිනට්‌ මණ්‌ඩලය හෝ පාර්ලිමේන්තුව දැනුවත්කර තිබෙනවාද? පහුගිය වකවානුවෙත් ආණ්‌ඩුව මේ විදිහටම සහයෝගය දීලා ඇති කළ ක්‍රියාවලියෙන් අවසානයේ අපට සිද්ධ වුණේ ලංකාවට ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වලා පරීක්‍ෂණ කරන තත්ත්වයට පත්කරන්න. එනිසා මා අසා සිටිනවා රට වෙනුවෙන් යම් තීන්දුවක්‌ ගන්නවනම් අපේ රටේ හරි අධිකරණ පද්ධතියක්‌ ඇතැයි කියා විශ්වාසකරන වකවානුවක්‌ තුළ ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වන තත්ත්වයකට තවදුරටත් කටයුතු කරනවද නැද්ද කියලා.

ලක්‍ෂමන් කිරිඇල්ල මහතා- මංගල සමරවීර ඇමතිතුමා හෝ අපේ ආණුඩුව ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට ගෙන එන්න එකඟවෙලා නැහැ. අපි ගිවිසුමේ කියලා තියෙන්නේ නඩු අහන ක්‍රම ගැන, සාක්‌කිකාරයෝ කැඳවන ආකාරය ගැන තාක්‍ෂණික සහාය විතරයි. අපි ජාත්‍යන්තරයත් එක්‌ක සාකච්ඡා කරගෙන යනවා ගෙන ආ යෝජනා ලංකාවට හිතකර ආකාරයට සංශෝධනය කරන්න. ඒකට අපි කැමැත්ත පළකරලා තියෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස