ඇමති සුවපති අඩු කළ ඖෂධ වර්ග 60ක මිල 14.4%කින් නැවත ඉහළ දමයි!

May 17, 2019 at 7:57 am | by admin

ඇල්බෙන්ඩසෝල්, ඇමොක්සලීන්, පැරසිටමෝල්, සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල ගණන් ඉහළ නංවමින් ඇමති රාජිත සේනාරත්න විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව එම ඖෂධ මිල 14.4%කින් ඉහළ නංවා ඇති අතර මෙලෙස මිල ඉහළ නංවා ඇත්තේ මීට මාස කිහිපයකට පෙර මිල පහත දැමූ ඖෂධවලය. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම පදනම් කරගෙන ඖෂධ සමාගම් කළ ඉල්ලීමක් අනුව මෙම මිල ඉහළ නැංවීම සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස