ඇමති බුද්ධික ආණ්ඩුවට එරෙහිව උපවාසයකට! “අපි නපුංසකයෝ නෙමෙයි පිරිමි” යැයි කාටදෝ බැණ වදියි….

July 9, 2019 at 2:03 pm | by emanisa.lk

ඇමති බුද්ධික පතිරණ අද (09) දින මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන බව ප්‍රකාශ කළේය. එයට හේතුව මාතර දිස්ත්‍රික් සංවර්ධනය කමිටුව සහ අකුරැස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටුව විසින් අකුරැස්සේ නිල්වලා ගඟ අසල ඉන්ධන පිරවුම්හලකට බලපත්‍ර ලබා දීම ප්‍රතික්ෂේප කළ පසුබිමක ඒ සඳහා ඉහළ බලධාරීන්ගේ උවමනාව මත බලපත්‍ර නිකුත් කිරීමය.

අකුරැස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති තමන් බවත් එහිදී ගත් තීන්දුව වෙනස් කරන නපුංසකයන් සිටිය හැකි වුවත් තමන් පිරිමියකු බවත් පැවසූ ඇමතිවරයා ෂෙඩ්කාරයාගේ පක්ෂ පාට තමන්ට වැඩක් නොමැති බවත් මාතර ගඟ දූෂණය කරන මෙම ව්‍යාපෘතිය වහාම නතර කළ යුුතු බවත් මධ්‍යම පරිසර අධිකාරි නිලධාරීන්ට ප්‍රකාශ කළේය.

සිය ඇමති ධුරය බල්ලකුගේ රෝම කූපයක් තරම් නොවටිනා බවත් තමා මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට උපවාසයකට නොකැඳවා මෙම තීන්දුව හකුළාගත යුතු බවත් ඇමතිවරයා අවධාරණය කළේය. මධ්‍යම පරිසර අධිකාරිය ජනාධිපතිවරයා යටතේ පවතින අතර මාතර සිටින අනෙක් ඇමතිවරු දෙදෙනා වන්නේ මංගල සමරවීර සහ සාගල රත්නායකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස