ඇප ලැබුණු රිෂාඩ් නිරෝධායනයට ගල්කිස්සේ හෝටයලකට!

November 27, 2020 at 1:13 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනය සඳහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබේ.

ඉකුත් 25 වනදා ඔහුට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක් නම්කරන තෙක් ඊයේ දිනය දක්වා මැගසින් බන්ධනාගාරයේ ම රඳවා තිබිණි.

රිෂාඞ් බදුර්දීන් වෙනත් ස්ථානයක නිරෝධායනයට යොමු කරන ලෙස ඔහුගේ බිරිද විසින් විපක්‍ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් ඒ පිළිබද කථානායකවරයා දැනුම්වත් කර තිබේ.

විපක්‍ෂ නායකවරයාගෙන් සහ විවිධ පාර්ශවලින් ලැබුණු ඉල්ලීම් අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුම්වත් ඇත.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රිෂාඞ් බදියුදීන් ගල්කිස්ස හෝටලයකට යොමු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස