ආණ්ඩුව මහා පාවා දීමටකට එරෙහිව මහ සඟරුවන පෙරට වඩිති! මිලේනියම් ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමි උපවාසයක!

November 5, 2019 at 1:34 pm | by emanisa.lk

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව ඇති පසුබිමක ආණ්ඩුව හදිසියේම ඇමරිකා එක්සත් ජනපදය සමග මිලේනියම් චැලේන්ජ් කෝපර්රේෂන් ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි නිදහස් චත්‍රරශ්‍රයේ උපවාසයක අරඹා තිබේ.

උන් වහන්සේ අද උදෑසන (05) ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මෙම උපවාසය ආරම්භ කළහ.

ආණ්ඩුව කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව පවා නිසි ලෙස දැනුම්වත් කර නොමැති බවට චෝදනා නැඟෙයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා තිබුණේ ගිවිසුම අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. එම එය අත්සන් කිරීම ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 420ක් රටට හිමි වන බව ද හෙතෙම පවසයි.

එහෙත් ගිවිසුම අත්සන් තැබීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළක් නොමැති බවත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ පිළිබඳ විවාදයකින් පසු ඊට එළඹෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් ගත යුතු බව බොහෝ පාර්ශව පෙන්වා දෙයි.

මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන රට මැදින් දෙකඩ කඩන සැලසුමක් බව පෙන්වා දෙන එම කණ්ඩායම් අදාළ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ඉවත් වීමේ වගන්ති ඇතුළත් කර නොමැති බවත් අවධාරණය කරයි. ඇමරිකාව මෙතරම් දැවැන්ත මුදලක් රටකට ලබා දෙන්නේ කිසිදු වාසියක් නොමැතිව යැයි විශ්වාස නොකරන පිරිස් ඇමරිකානු අරමුණු පිළිබඳ අනතුරු අඟවති.

මෙයට පෙර තෛනිකායික මහා සංඝරත්නය මෙන්ම අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ද නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ රටේ අනාගත පැවැත්ම පිළිබඳ බලපාන මෙම ගිවිසුමට ආණ්ඩුව එළඹිය යුත්තේ පාර්ලිමේන්තුවේ පමණක් නොව ජනමතවිචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතිය ද ලබා ගැනීමෙන් පසු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස