ආණ්ඩුව තමන්ට දිනන්න බැරි නම් ඡන්දයක් තියන්නේ නෑ…! – ලාල්කාන්ත…

October 19, 2022 at 10:22 am | by emanisa.lk

ආණ්ඩුව මැතිවරණයක් පවත්වන්නේ තමන්ට ජයග්‍රහණය කළ හැකි නම් පමණක් බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

රනිල් සහ මහින්ද නාමල්ගේ දෑතින් අල්ල ගෙන කළුතරින් පටන් ගත්තේ නැවත ජයග්‍රහණය කරා යාමේ ගමන බවත් ඒ වටා නැවත ජනතාව එකතු වුවහොත් ජයග්‍රහණය කළ හැකි බවත් ලාල්කාන්ත සඳහන් කරයි.

ඔවුන්ට නාවලපිටියට ගිය අවස්ථාවේ ජනතාව වැඩේ දුන් බව ද ඉදිරියේ දී යන තැන්වල දී කුමක් හම්බ වෙයි දැයි නොදන්නා බවටත් ලාල්කාන්න අනතුරු අඟවයි.

එසේ නොවන්නේ නම් මැතිවරණයක් පැවැත්වීමට 2015 මෙන් තමන්ට කරදරයක් නොවන කණ්ඩායමට ජයග්‍රහණය කළ හැකි විය යුතු බවයි, ඔහු සඳහන් කළේ.

ආණ්ඩුවෙන් එළියට බැස්ස විමල්, ඩලස්, මෛත්‍රී, රතන හිමි, උවිඳු විජේවීර සහ විරුද්ධ පක්ෂයේ සජිත් ප්‍රේමදාස කණ්ඩායම යනු බලයට පත් වුව ද වර්තමාන නායකයින්ට කිසිදු කරදරයක් නොවන පාර්ශ්වය බව ද කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

දුම්රිය වෘත්තීය සමිති හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *