21න් හදන්නේ ජනාධිපතිගේ බලතල ටික පරාජිත රනිල්ට දෙන්න…! – අනුර…

May 27, 2022 at 7:51 pm | by emanisa.lk

වර්තමාන අගමැතිවරයා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පරාජයට පත් වූ පුද්ගලයකු බව අනුර කුමාර දිසානායක පවසයි.

ජවිපෙ නායකයා පෙන්වා දෙන්නේ 21 වන ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ එම පරාජිත අගමැතිරයාට විශේෂ බලතල ලැබෙන බවයි.

එවැනි විශේෂ බලතල භුක්ති විඳීමට වර්තමාන අගමැතිවරයාට ප්‍රජාතාන්ත්‍රික අයිතියක් නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

එහෙයින් මෙම බලතල භුක්ති විඳීමට නව වරමක් ලබා ගැනීම සඳහා මහා මැතිවරණයක් පවත්වා අගමැතිවරයෙකු තෝරා පත් කළ යුතු බවට සංශෝධනයක් 21 වන ව්‍යවස්ථා සංශෝධනයට තමන් ගෙන එන බව ද අනුර දිසානායක ප්‍රකාශ කළේ ය.

අද (27) සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *