ආණ්ඩුවේ බහුතරය පෙන්වන්න එජාපයේ පිරිසක් සහාය දෙන්න සූදානම්!

November 23, 2019 at 9:15 am | by emanisa.lk

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය සම්පූර්ණ කර ගැනීම සඳහා වතුකරයේ දේශපාලන පක්ෂ දෙකක හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප කිහිපදෙනෙකු සහාය දීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

මෙම ආණ්ඩුව මාස තුනක පමණ කාලයක් පමණක් පවතින අතර බහුතරය සකස්කර ගැනීමට අලුතින් මන්ත්‍රීවරු එක්කර ගැනීමට මෙතෙක් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ එකඟතාව ලැබී නැත.

එමෙන්ම ආණ්ඩුවට සහාය දීමට කවුරුන් ඉදිරිපත් වුවද ඇමති මණ්ඩලයේ වැඩි වීමක් සිදු නොවන බව ද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස