අවුරුදු 25කට පසු රනිල්ගේ පුටුවට සජිත්! රනිල්ට දෙවෙනි නොවී ඉංගිරිසියෙන්ම සභාව අමතයි!

August 20, 2020 at 1:42 pm | by emanisa.lk

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස නව වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත් වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට මීට ටික වේලාවකට පෙර ඒ බව දැනුම් දුන්නේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක අසුන හිමිවිය.

ඉතා දීර්ඝ කාලයක් රනිල් වික්‍රමසිංහ විසින් දරන ලද විපක්ෂ නායක පුටුව මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හිමිවෙද්දී රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු අසුන පවා අහිමිවී ගොස් ඇත.

සජිත් පේ‍්‍රමදාස 09 වැනි පාර්ලිමේන්තුවේ සිය මුල්ම කතාව ඉදිරිපත් කළේ ඉංග්‍රීසි භාෂාවෙනි.

https://www.facebook.com/ctkumara/videos/10213992617367875/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස