අරගලය පාවා දී රනිල්ගේ ඔඩොක්කුවට පැන්න ද්‍රෝහීන්ට පාඩමක් උගන්වනවා…! – විදර්ශන…

August 10, 2022 at 2:36 pm | by emanisa.lk

වේලි වේලි පැවැති ගාලු මුවදොර අරගල භූමිය සටන් බිමක් බවට පත් කළේ තමන් බව අරගලකරුවෙකු වන විදර්ශන කන්නංගර පවසයි.

ඔහු පෙන්වා දුන්නේ ගෝඨාභය සහ මහින්ද ගෙදර යවා රාජපක්ෂ බත් බැලයින් දණ ගැස්සවීමට ලැබීම අරගලයේ විශාල ජයක් බවයි.

වාඩි ලා ගැනීමේ අරගල භූමිකාව රනිල් වික්‍රමසිංහ පාලනය සමග අවසන් බවත් දැන් යුරෝපයේ මෙන් අරගලයේ ඊළඟ අදියර දක්වා යන බවත් විදර්ශන කන්නංගර අවධාරණ කළේය.

ඔහු අවධාරණය කළේ, අරගලය පාවා දී රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවට රිංගු පිරිසට ද ඉක්මනින් පිළිතුරු දෙන බවයි.

අරගලය පාවා දුන් ද්‍රෝහීන්ට පාඩමක් උගන්වමින් රනිල් වික්‍රමසිංහ පළවා හරිමින් ජනතාවට ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ලබා දීමේ අරගලයේ ඊළඟ අදියර ආරම්භ කරන බව විදර්ශන කන්නංගර වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *