අමාත්‍යංශ ලේකම් පිරිසක් හොර පැන්ෂන් එකක් හදා ගෙන!

September 13, 2020 at 10:40 am | by emanisa.lk

2016 වර්ෂයේ විශ්‍රාම ගිය අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසකගේ විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමට ඉදිරිපත් වූ යෝජනාව අත්හිටුවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

2016 වර්ෂයේ විශ්‍රාම ගිය අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් 2020 වර්ෂයේ විශ්‍රාම ගියා සේ සලකා වැටුප් විෂමතාව සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක්ද සකස් කර තිබුණි. එය මෙවර අයවැය යෝජනා සකස් කිරීමේ දී හා වැටුප් විෂමතා සකස් කිරීමේ කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර තිබුණි.

මෙම විශ්‍රාම වැටුප් සංශෝධනයෙන් විශාල වැටුප් වැඩි වීමක් සිදු වීමේ දී රජයට දැරීමට සිදු වන වැය ඉහළ බැවින් යෝජනාව අත්හිටුවීමට පියවර ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *