පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් ලබා දීම සුදුසු නෑ! – අස්ගිරි අනුනාහිමි

September 7, 2020 at 10:41 am | by emanisa.lk

ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ට වසර පහකට පසු විශ්‍රාම වැටුප් ලබා දීම යෝග්‍ය නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ පැවසූහ.

පාර්ලිමේන්තු ආපනශාලාවේ මැති ඇමතිවරුන්ගේ වසරක කෑම වියදම රු. කෝටි 12ක් බවට මාධ්‍ය වාර්තා කර තිබූ බවත් මෙවැනි අනවශ්‍ය වියදම් කපා හැර රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට කටයුතු කළ යුතුව තිබෙන බව උන්වහන්සේ සඳහන් කර තිබේ.

අභිනවයෙන් තේරී පත්වූ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පසුගියදා (05) උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ අනුනාහිමියෝ එසේ පැවැසූහ.

රට පවතින තත්වයෙන් ගොඩ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවංක උවමනාවක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් ඔහුගේ තීරණ සමඟ රටේ බහුතර ජනතාව එකඟ වන බවත් අනුනාහිමියෝ සඳහන් කළහ.

මත්කුඩුවලින් රට මුදා ගැනීමට මෙතෙක් බලයේ සිටි කිසිදු නායකයෙකුට අවංක උවමනාවක් නොතිබුණ බවත් ජනපතිගේ නායකත්වය යටතේ මත්කුඩු රටෙන් අතුගා දැමීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.

පෞද්ගලික උත්සවවලට සහභාගිවීමට ජනාධිපතිවරයාට කාලයක් නොමැති නිසා එවැනි උත්සවවලට ආරාධනා නොකරන ලෙස කළ ඉල්ලීම ඉතාම වටිනා එකක් බවත් එය සියලු නායකයන්ට ආදර්ශයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස