අපි සමාජයේ හරි ම සුවිශේෂ පිරිසක්! කොරෝනා හැදුණොත් සුපිරි රෝහල් ඕන! – නීතීඥ සංගමය..

November 16, 2020 at 2:52 pm | by emanisa.lk

මෙ රට ඇති රෝහල් සියල්ලේම පහසුකම් එකලෙස ප්‍රමාණවත් නොවන බැවින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වන නීතිඥවරුන්ට පහසුකම් සහිත, ඔවුන්ට සුදුසු රෝහල් ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කණිෂ්ඨ නීති කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සට ලිපියක් මගින් නොවැම්බර් 14 වන දින මෙම ඉල්ලීම සිදු කර ඇත.

නව ⁣සාමාන්‍ය තත්ත්වය පිළිගෙන සාමාන්‍ය පරිදි නීතිඥ කටයුතු සිදුකිරීමට සිදුවන බවත් එවිට නීතිඥ වෘත්තියේ යෙදෙන සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට වෛරසය ආසාදිත වීමේ අවදානමක් ඇති බවත් ඔහු ලිපියේ සඳහන් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරිය ද නීතිඥයෙකු බැවින් ඇයට මෙම කරුණු පහදා දී මෙම ඉල්ලීම් පිළිබඳව අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස