අපි විපක්ෂ නායක නිල නිවස සම්බන්ධන්ට දුන්නේ දෙමළ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගත් නිසායි! – රංගෙ

December 31, 2019 at 12:20 pm | by emanisa.lk

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට විපක්ෂ නායක නිල නිවස ලබා දී ඇත්තේ සංහිඳියාව අවශ්‍ය නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ඊයේ (30) ප්‍රකාශ කළේය.

පසුගිය රජය කැබිනට් අනුමැතිය සහිතව සම්බන්ධන් මන්ත්‍රීවරයාට විපක්ෂ නායක නිල නිවස ලබා දුන්නේ එවක රටේ සහ යුගයේ අවශ්‍යතාව මත බව ද රංගෙබණ්ඩාර පෙන්වා දුන්නේය.

අනෙක් දේශපාලන පක්ෂ නායකයන්ද මෙවැනි ඉල්ලීමක් කළා නම් ඒ පිළිබඳ සලකා බැලීමට ඉඩ තිබුණු බවත් යම් ජන කණ්ඩායමක් නියෝජනය කරන නායකයෙක් ලෙස සම්බන්ධන් මන්ත්‍රීවරයාට මෙම නිවස ලබාදුන්නේ ඔහු නියෝජනය කරන ජනතාවගේ අවශ්‍යතාව අනුව කටයුතු කිරීම එවක ආණ්ඩුවේ වගකීමක් වූ නිසා බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස