අපි ලෝක කුසලාන තරඟාවලිය හිතුවටත් වඩා හොඳට කළා! අපට රතු පලස් නැති වුණාට ගෙවල්වලට ගල් ගහන්නේ නෑ! – ශ්‍රී ලංකා නායක

July 8, 2019 at 4:27 pm | by emanisa.lk

අපි ලෝක කුසලාන තරඟාවලිය හිතුවටත් වඩා හොඳට කළා! පරාද වුණා කියලා අපේ ගෙවල්වලට ගල් හන්නේ නෑ! – ශ්‍රී ලංකා නායක

ලෝක කුසලාන තරඟාවලිය තමන් බලාපොරොත්තු වුවාටත් වඩා හොඳින් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

අර්ධ අවසන් වටයට පිවිසීමට නොහැකි වුවද තරඟ වැදුණු කණ්ඩායම් අතර හොඳ ස්ථානයක් ලබා ගැනීමට තම කණ්ඩායමට හැකි වූ බව ඔහු පෙන්වා දුන්නේය.

කණ්ඩායමේ ඇතැම් අය දක්ෂතා අතරට පැමිණි අතර ඇතැමුන්ට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ බවත් සියලු දෙනාගේ සහාය තමන්ට ලැබුණු නිසා සියලු රටවල් අතරින් හය වැනි ස්ථානයට පැමිණීමට හැකි වූ බවත් ඔහු කීවේය.

අවසාන තරඟවල හොඳින් ක්‍රිඩා කළ ද මුල් තරඟ කිහිපයේ දී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අසමත් වූ නිසා එම ස්ථානයට පත් වූ බව ද කරුණාරත්න සඳහන් කළේය.

ඉන්දියාව වැනි රටවල තරඟ පරාජය වූ විට ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ගල් ගැසුවාද ලංකාවේ එවැනි දරුණු තත්ත්වයක් නොමැති බවත් ජයග්‍රහණය කළේ නම් පිළිගැනීමට පිරිසක් ගුවන් තොටුපළට පැමිණීම සාමාන්‍ය දෙයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වී නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළේ දී ශ්‍රී ලංකා නායකයා මේ අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස