අද ලෝකයට ඇති ප්‍රබලතම තර්ජනය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදයයි! – මෝදි ශ්‍රී ලංකාවට පා තැබීමට පැය කිහිපයකට පෙර පවසයි….

June 9, 2019 at 9:06 pm | by emanisa.lk

වර්තමානයේ ලෝකයට ඇති ප්‍රබලම තර්ජනය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමිනි.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදි සිය මංගල විදෙස් සංචාරය අරඹමින් ඊයේ පස්වරුවේ මාලදිවයිනට ළඟා විය.

දෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට පත්වීමෙන් පසු විදෙස් රටක පැවැත් වූ සිය ප්‍රථම දේශනය සිය මව් භාෂාව වන හින්දි බසින් පැවැත්වීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස