අද එජාපයට නායකත්වය දෙන්නේ බැංකු හොරු නිගණ්ඨයෝ! ඊළඟ ඡන්දෙන් ජනතාව අගමැතිට සෙරෙප්පුවෙන් ගහලා එළවනවා! – රනිල්ගේ උසාවි කතාවට මන්ත්‍රී විජයදාසගෙන් සැර පිළිතුරක් (Video)

July 8, 2019 at 12:03 pm | by emanisa.lk

වත්මන් රජය යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට රජය කටයුතු කරද්දී ඇතැම් සංවිධාන ඊට එරෙහි වී උසාවි යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ පවසයි.

එම ව්‍යාපාරයන්ට විරුද්ධව මහ මඟට බැස උද්ඝෝෂණ පවත්වා හෝ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ අදහස් පළ කළේ අද (07) දින අම්පාර, දයා ඇපරල් ශාලාවේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු දස ලක්‍ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.

“මේ වැඩසටහනට මේ වනවිට ඇතැම් සංවිධාන විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. අහිංසක සාමාන්‍ය ජනතාව වන ඔබට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන්නට එපා යැයි ඔවුන් පවසනවා.

නමුත් අපේ රජය ඔබ වෙනුවෙන් ලබාදෙන සින්නක්කර අයිතිය නතර කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මහ මඟට බැස උද්ඝෝෂණ පවත්වා හෝ ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය ජයග්‍රහණය කරවීමට අපි කටයුතු කරනවා.”

රනිල්වික්‍රමසිංහ මහතාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන්කර සිටියේ මෙවන් අදහසකි.

“වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්නේ බැංකු කැඩුව හොරුන්, නිගණ්ඨයන්, පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉඩම් හිමිකම් පනත මගින් මෙරට ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවක් මහපාරට ඇද දමන්න අගමැතිවරයා විසින් කටයුතුකළා. ඇමති ගයන්ත බය කරලා තර්ජනය කරලා මේකට අත්සන ගත්තේ.

බලහත්තුකාරය යොදා ගනිමින් කරන මේ වැඩ නිසා මීළඟ මොන මැතිවරණය ආවත් ජනතාව අගමැති රනිල් වික්‍රමසිංහට මහපාරේ සෙරෙප්පුවෙන් තලමින් එළවා දමන තැනට පත්කරනවා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස